දෙමල ජාතික සන්ධානය තුළ ඇති අභ්‍යන්තර ගැටුම් තව දුරටත් උග්‍ර වෙමින් පවතින බව නැවත ප්‍රදර්ශනය වෙමින් තිබේ. එහිදී වැඩිම මාධ්‍ය අවධානය යොමුව තිබෙන්නේ එම සන්ධානයේ නායක සම්බන්ධන් සහ E.P.R.L.F නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය කර ගැනීමටයි.
පසුගිය 19 දා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තදබල විවේචනයක් කරමින් දෙමල ජාතික සන්ධානයේ නායකයා උතුරු නැගෙනහිර පළාත් සදහා ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම , උතුරේ නැවත පදිංචි කල ජනතාවගේ ප්‍රශ්න ගැටළු නොවිසදීම , අවතැන් ජනතාවගේ ඉඩම් ප්‍රශ්න නිරවුල් නොකිරීම වැනි ගැටළු වලට කිසිදු මැදිහත්වීමක් නොකරන බවට චෝදනා කළේය. ඒ නිසා සම්බන්ධන් විශ්වාසය පලුදු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ප්‍රසිද්ධියේ පක්ෂය විවේචනය කිරීම මගින් පක්ෂයට හානි කරන බවට සම්බන්ධන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට ප්‍රසිද්ධියේ දෝශාරෝපනය කළේය. E.P.R.L.F පක්ෂය දෙමල ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයකි.