පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින කොස්ගම, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ ජනයා දැනුවත් කිරීමේ හා ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. ජීවිත දේපල වනසන යුද අවි ගබඩා ඉවත් කරනු!, සාලාවේ විනාශයට ජනතාවට වහා වන්දි ගෙවනු! යන තේමා පාඨ ඔස්සේ මෙම දැනුවත් කිරීම ආරම්භ විය.
සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ දෛනික කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු අතරමග ඇනහිටීම නිසා දහස් ගණනකගේ ජීවිත අවුල් විය. ආණ්ඩුව විසින් විනාශයට වන්දි ලබා දෙන බවට දුන් පොරොන්දු කඩවීම් පිලිබද විවේචන එල්ල වී ඇත. විනාශ වූ දේපළවලට මාසිකව ලබාදෙන බවට පොරොන්දු වූ රු. 50,000ක දීමනාවක් ඉතාම සුලූ පිරිසකට දීමෙන් පසු ආණ්ඩුව මගහරිමින් සිටින බවට කොස්ගම, සාලාව වැසියන් චෝදනා කර තිබේ.


