අද දින ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ ලංකාව සම්බන්ධයෙන් වන තීරණාත්මක දිනයකි. එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් වලින් එල්වන මානව හිමිකම් කඩවීමේ කරුණු මුල් කරගෙන මෙවර මානවහිමිකම් සමුළුව විසින් ලංකා රජයට එරෙහිව යම් සංශෝධනයන්ට ලක් කළ යෝජනාවක් ගෙනඒමේ කි‍්‍රයාදාමයක් මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් දියත්ව ඇත.
මේ සම්බන්ධයෙන් රට තුලද විවිධ සංවාද මතුව තිබේ. අද ජිනීවාහිදී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් කඩවීම්වලට අදාලව ඡුන්ද විමිසීමේ දිනයයි. පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් ලංකාවට යම්පීඩාකාරී් තත්වයක් ඇතිකරමින් ඔවුන්ගේ යෝජනාව සම්මත කරගැනීඹට සමත්විය. එවර එක්සත් ජනපදය සමග ඉන්දීයාවද එම යෝජනාවට පක්ෂව කටයුතු කර තිබුනි.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ රෙජිමය පරාජයට පත්කීරීම මගින් යම් ප‍්‍රමාණයකට චීනයට නැඹුරුව පැවැති ලංකාවේ විදෙස් පිළිවෙත ඉන්දියාවට හා බටහිර රටවලට සමීප තත්වයක් දක්වා වෙනස්කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනි.
එම තත්වය අනුව මෙරට වත්මන් පාලකයන්ව බරපතල ලෙස අපහසුතාවයට ලක්කිරීමේ අවශ්‍යතාවයක් එම රටවලට මේවන විට මතුව නැත. මේ හේතුවෙන් දෙපාර්ශවයම එකග වන යුද අපරාධ හා සිදුව තිබෙන මානව හිමිකම් කඩවීම් ගැන පිරීක්සීමට දේශීය යාන්ත‍්‍රණයක් ගොඩනැංවීමට බලපෑම් කර, එය ඉකිමණින් පිහිටුවීමේ කි‍්‍රයාවලියකට ලංකාව හසුරුවා ගැනීමට මෙවර ජිනීවා මානව හිමිකම් සැසිය මගින් කි‍්‍රයාකරනු ඇත.