ජර්මනිය පරදා ප්‍රංශය යුරෝ කුසලාන අවසන් තරගයට

ප්‍රංශය.jpgවෙබ්

ඊයේ ප්‍රංශයේ මාර්සේලිහිදී පැවැති යුරෝ කුසලාන අර්ධ අවසන් තරගයේදී වත්මන් ලෝක ශූරයන් වන ජර්මනිය ගෝල 2-0 ලෙස පැරදවීමට ප්‍රංශය සමත්විය. මේ අනුව ලබන ඉරිදා පැරිස්හිදී පැවැත්වෙන යුරෝ කුසලාන අවසන් මහා තරගයට පෘෑතුගාලය සමග තරගවැදීමට ප්‍රංශය සුදුසුකම් ලැබීය.

ප්‍රබල ජර්මන් කන්ඩායමට එක් ගෝලයක් හෝ ලබා ගැනීමට ප්‍රංශ කීජකයින් කිසිදු ඉඩක් ලබා නොදුන් අතර  ජර්මන් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයකුවන ස්ට්ස්වෙන්ස්ටිගර් උත්සාහයන් කිහිපයක් ගත්තද ඔහුටද ගෝල පහරක් සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ලෝක කුසලානය හා යුරෝපා කුසලානය එකම රටක් විසින් ලබාගෙන ඇති රටවල් වන්නේ ප්‍රංශය හා ස්පාඤඤය පමණකි මෙවර ජර්මන් කණ්ජායමට ඒ සදහා අවස්ථාවක් ලබා ගැනීමට තිබු අවස්ථාව මෙ පරාජයෙන් අහිමිව ගියේය.

මේ වන විට මෙවර යුරෝ කුසලාන පාන්දු තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා ගනිමින් ප්‍රංශයේ අන්තෝනියෝ ග්‍රිස්මාන් පෙරමුණට පැමිණි අතර රොනාල්ඩෝ,නැනී ඇතුලු තවත් ක්‍රීඩකයින් හයදෙනෙකු ගෝල තුන බැගින් ලබාගෙන ඇත දෙවන ස්ථානයනිහි පසුවෙති.

ඊයේ පැවැති තරගයෙන් ප්‍රංශය ලබා ගත් ජයග්‍රහණය ජර්මනියට එරෙහිව 1958න් පසුව ප්‍රධාන තරගයකදී ලබා ගත් පළමු ජයග්‍රහණය ලෙසද වාර්තාවේ.

Leave a Reply