මේ වසරේ (2016) දෙවන කාර්තුවේදී කෘෂිකර්ම අංශයේ වර්ධනය සියයට 5.6 කින් පසුබෑමට ලක්ව තිබේ.
මේ අනුව 2015 වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව කෘෂිකර්ම අංශයේ ක්‍රියාකාරකම් අතුරින් වී වගා කිරීම, තේ වගා කිරීම, රබර් වගා කිරීම සහ කරදිය ධීවර කර්මාන්තය යන අංශ පිළිවෙළින් සියයට 17.9 කින්, සියයට 12.2 කින් සියයට 8.2 කින් සහ සියයට 7.8 කින් පසු බෑමට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පොල් වගාව ඇතුළත් තෙල් සහිත පලතුරු බෝග වගාව සියයට 1.0 කින්ද සත්ත්ව නිෂ්පාදන අංශය සියයට 1.7 කින් සහ වන වගා සහ දැව අංශය සියයට 2. කින්ද දෙවන කාර්තුවේ දී ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.