ගංවතුර බලපෑ ප්‍රදේශවල රෝග වසංගත තත්වයක් ඇති වීමේ අවදානමක්

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් ප්‍රදේශ රැසක විවිධ රෝග බෝවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය මූලික අවස්ථාවේදීම පාලනය කර ගැනීමට අසමත් වුවහොත් වසංගත තත්වයක් දක්වා වර්ධනය වන බවත් මේ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රතිපාදන වෙන් කිරීමට සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉල්ලීම් කල බවද වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ ප්‍රකාශ කරන ලදි.

Leave a Reply