කෝප් කමිටුවෙන් වේලු යයි. සුජීව එයිද?

copeweb

පොදුව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) නියෝජනය කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේළුකුමාර් එම කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බවද ඊට අදාළ ලිපිය කතානායකවරයාට භාරදී ඇති බවද වාර්තාවේ.

ඔහු දෙමළ ජාතික පෙරමුණ නියෝජනය කරමින් මහනුවර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කර මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්‍රීවරයෙකි. පුද්ගලික හේතුන් මත තමා ඉල්ලා අස්වන බව ඔහු කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන්ය.

හිස්වන කෝප් කමිටු සාමාජිකත්වය ජාත්‍යන්තර වෙ‍ළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යලනීතිඥ සුජීව සේනසිංහ හට ලබා දීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් පවතින බව වාර්තාවේ.

Leave a Reply