කොටකෙතන යලිත් කාන්තා ඝාතනයක්

kotakethana-05

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදී ඊයේ තවත් කාන්තාවක් අභිරහස් ලෙස පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කහවත්ත ඔ්පාත තේ වත්තේ සේවය කළ 48 හැවිරිදි නාදන් බාබු වන අතර හදුනාගෙන ඇත. ඇය දෙදරු මවක්ද වෙයි මේ පිළිබදව මෙතෙක් කිසිවකු අත්අඩංගුවටනෙ නැති අතර සිරුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂනය සදහා කහවත් රෝහගේ තැන්පත් කර ඇත.

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ ඉමහත් ආන්දෝලනයට ලක්වූයේ 2012 වසරේ මව සහ ඇ‍ගේ දියණිය දූෂනය කොට ඉන් පසුව කපා කොටා ඝාතනය කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් පොලීසිය විසින් මේ සිදුවීම් සම්බන්ධයෙන් සැක පිට කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඇප පිට නිදහස්ව ඇත. කොටකෙන ප‍්‍රදේශයේ පමණක් 2008 වසරේ සිට මේවන විට කාන්තාවන් 19 දෙනෙකු මෙසේ අභිරහස් ලෙස ඝාතනය කොට ඇත.

නමුත් අදාල බලධාරීන් විසින් ‍මේ දක්වා එම සිදුවීම්වලට අදාල සැකකරැවන් අධිකරණයට ‍ගෙනඒමට කටයුතු කිරීම යම් මන්දගාමීව සිදුවන බවක් දක්නට ඇත.

Leave a Reply