විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල පැතිර යන ආසාධිත තත්වයක් හේතුවෙන් අප්‍රේල් මස 26 වැනිදා සිට මැයි මස 04 වැනිදා දක්වා විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුණත් පසුව එම නිවාඩුව ලබන මැයි 11 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තාවේ.
කැලණි සරසවි තුළ ඇතිවු හදිසි තත්වය ගැන මාධ්‍ය කළ විමසුදකදී කැලණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ යේ සභාපති නන්දන සුදෙශ් අබේසිංහ අදහස් දක්වා සිටියේ මෙසේය.
“අප්‍රේල් 26 වනදා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයන් හි තමයි මේ ගැටළුව පැන නැගුණේ. වතුරවල අසාධිත තත්ත්වයක් කියලා තමයි මුලින්ම කැම්පස් එක වැහුවේ. ජලටැංකි සුද්ද කරා නමුත් ජල සම්පලයක්වත් පරික්ෂා කළේ නැහැ.
පසුව කිව්වා මේක ආහාර විෂවීමක් කියලා දැනුම් දුන්නා. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් සිදුකිරීමක් කලේ නැහැ.
අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. පසුව පාලනාධීකාරීය කළේ 28 සවස සරසවි භූමිය සිසුන්ට තහනම් කලාපයක් බවට පත්කර නිවේදනයක් නිකුත්කිරීමයි.
පැහැදිලි වශයෙන් අපි කියනවා මෙතන ආහාර විෂ වීම වගේම මූලික පහසුකම්වල බරපතල ගැටළුවක් තියෙනවා. අපනශාලා , වැසිකිලි කැසිකිලි, නේවාසිකාගාර, මේ සියලු දේවල්වල බරපතල ගැටළු තියනවා. මේ හැමදෙයක්ම සිසුන්ගේ සෞඛ්‍යයට බලපාන ගැටළු. මේවට නිසි විසඳුමක් ලබා නොදී බලධාරීන් මෙම තත්වයන් දිගින් දිගටම මඟහරිමින් සිටිනවා’ යනුවෙනි.