කාර් බෝම්බ දෙකක් පිපිරී යාමෙන්12දෙනකු මියගොස් 219ක් තුවාල ලබා ඇති බව තුර්කි පුවත් සේවා වාර්තා කලේය.
තුර්කියේ නැගෙනහිර පෙදෙසේ කාර් බෝම්බයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළුව 6 දෙනකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි ද තුර්කි බලධාරීහු කියති.
වෑන් නගරයේ දී ද කාර් බෝම්බයක් පුපුරා ඇති අතර එහි සිටි ළමයකු ද මියගොස් ඇති බවත් 70කට අධික පිරිසක් තුවාල ලැබූහ. ඉන් පැයකට පමණ පසුව නැගෙනහිර තුර්කියට අයත් එළාසිග් නගරයේ පොලිස් ස්ථානය අසල බෝම්බ ප්‍රහාරය සිදුව ඇත.
එරට ආරක්සක අංශ සැක කරන්නෙ මෙම පිපිරීම් සම්බන්ධ චෝදනාව පීකේකේ නමැති කුර්දි සන්නද්ධව්‍යාපාරය විසින් කළ බවයි.