කාන්තාවන්ට ජංගම දුරකථන තහනම්.

කාන්තාවන් ජංගම දුරකථන භාවිතා කර අසුවුවහොත් රුපියල් 21,000 ක දඩ මුදලක් නියම කර ඇති බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම ප්‍රාන්තයේ ග්‍රාම සභාවක් මඟින් ඉකුත් දා මෙම හාස්‍යජනක තීන්දුව ගෙන ඇති අතර ඔවුන් පවසන පරිදි එම ප්‍රදේශයේ නූගත් කාන්තාවන් සිටින බවත් ඔවුනට ජංගම දුරකථන පාවිචිචි කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඕනෑම දෙයකට වඩා සිය සම්ප්‍රදාය ගරු කරමින් එය රැක ගැනීම අතිශය වැදගත් බවය.

කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරනුයේ මෙම නීතිය මඟින් කාන්තාවන් හා පිරිමින් ඇති කර ගන්න සබදකම් වලට බධා කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙන්වා දෙයි.

Leave a Reply