කම්කරුවන්ගේ වැඩිහිටි වියේ ආරක්ෂණය තුනට බෙදයි

alder age

රාජ්‍ය සහ පුද්ගලික අංශ වල කම්කරුවන් තවදුරටත් වැඩ කළ නොහැකි වැඩිහිටි වියට පත්වූ පසු ඔවුන්ගේ සමාජ ආරක්ෂණය සඳහා නිර්මාණය කර ඇති ආයතන මෙවර ඇමතිවරුන් තිදෙනෙකු හට පවරා තිබේ.

ඒ යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර  අරමුදල වෙනවෙනම අමාත්‍යංශ තුනකට පවරා ඇත.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපට වග කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට පවරා ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට අදාළ සේවක අර්ථසාධක අරමුදල හෙවත් ඊපීඑෆ් අරමුදල කම්කරු ඇමැතිවරයාටද, සේවක භාරකාර  අරමුදල හෙවත් ඊටීඑෆ් අරමුදල අගමැතිවරයා යටතටද පත්කර තිබෙන බව ජනරළ වාර්තා කරයි.

Leave a Reply