උමා ඔය රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි තීන්දුවක් – මෛත්‍රිපාල සිරිසේන

උමා ඔය ව්‍යාපෘතිය සදහා වැරදි ඇස්තමේන්තු සකස් කර ව්‍යාපෘති මුදල් වංචා සිදුකළවුන්  පිළිබඳ පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඊයේ(29) මේ බව පැවැසුවේ හැටන් හයිලන්ඩ් විද්‍යාලයේ 125 වෙනි වාර්ෂික උත්සවයට එක් වෙමිනි.ඉංජිනේරුවරුන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක වූ උමා ඔය ව්‍යාපෘතිය 2015 තම ආන්ඩුව විසින් නවත්වා දමන්න උත්සාහ කළද ඒ වනවිටත් එහි කටයුතු තුනෙන් දෙකක් පමණ අවසන් වී තිබූ බව ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා විශාල ණයක් ගෙන ඇති බවත් අද පැන නැගී ඇති ජනතා විරෝධතා හමුවේ එම වැරදි දේශපාලන තීන්දු පිළිබද නිහඬ පිළිවෙත අනුගමනය කරන බවද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් උමා ඔය ව්‍යාපෘතිය අනුමත කර ආරම්භ කළ පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකුව තමන්ද සිටි බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලේ නැත.

Leave a Reply