එක්සත් ජනපදය තායිවානයට අවි විකිණීම ගැන චීනයේ විරෝධය
Posted on 07.02.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය බ්‍රහස්පතින්දා තායිවානයට ඩොලර් බිලියන 1.4ක අවි විකිණීම සදහා වන එකගතාවය එ.ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැමිණ ඇත. මෙම තීරණයට එරෙහිව චීනය සිය විරෝධය පළකර ඇති බවත් එම ගිවිසුම වහාම අහෝසි කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව මෙම තීරණය ගනු ලැබීය.
චීනය සමග වන එක් චීනයක් ප්‍රතිපත්තියට එරෙහිව එක්සත් ජනපදය මෙම තීරණ ගෙන ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කාන්ග් ප්‍රකාශ කර ඇත. ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශකර ඇත්තේ චීනයේ ස්වාධිපත්‍යට හා සිය රටේ ආරක්ෂක්ෂාවට මෙම අවි විකිණීම සෘජුවම එරෙහි ක්‍රියා මාර්ගයක් බවයි.
චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර පාර්ශවයන්ගේ මැදිහත්වීම තම රට සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.
Related News