Posted on 07.02.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් මඟින් නිත්‍යානුකුලබාවය ලබා දී ඇති නව බදු පනත හරහා යාචකයාගේ සිට සමස්ත සමාජයම බරපතළ අර්බුදයකට ඇද දමන බවත් එය වහා හකුලා නොගන්නේනම් සිය වෘත්තීය එකමුතුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසා සිටී.
මුදල් අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය මත 2017 බදු සංශෝදන මේ වන තෙක් ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවීම නිසා රු: මිලියන 70,000ක් ජාතික ආදායමට අහිමි වී ඇති තත්වයක සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්, ලේඛකයන්, පොත් ප්‍රකාශකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකට මෙතෙක් හිමිව තිබූ බදු සහන රැසක් අසාධාරණ ලෙස ඉවත්කමින් නව බදු ක්‍රමයේ විමධ්‍යගතව තිබූ බදු පරිපාලනය කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා ඔහු ඒකාධිපතියකු බවට පත්කර ඇති බවත් රු: කෝටි 900ක් වැයකර ආරම්භ කරන ලද නව තාක්‍ෂණය මඟින් බදු පරිපාලන කාර්යක්‍ෂම කිරීමේ ක්‍රමවේදය නව පනත මඟින් අත්හැර දාමා අදාළ වියදම අපතේ යවා ඇති බවත් එම කමිටුව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.