අපේ සටන ජ.වි.පෙ. හයිජැක් කළා – බිදුනුවැව වෙළෙද සංගමය
Posted on 07.02.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන් විසින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව 28 වැනිදා සංවිධානය කළ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුනු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ දේශපාලන වාසි සදහා යොදාගත් බව බිදුනුවැව ව්‍යාපාරික සංගමය පවසයි.
විරෝධතාවයදී ජනතාවට ඇතිවී තිබෙන හානි අවම කිරීමේ පොරොන්දු ලබාගැනීම අසමත්වූ බව ඔවුන් පවසයි. එදින විරෝධතාව සදහා බන්ඩාරවෙලට ඒකරාශී වූ ජනකාය අතර මේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වූ බව එම සංගමය පවසයි. ජනතාවගේ ඒකරාශි වීමකදි උද්ඝෝෂනය තුළ ප්‍රමුඛත්වය දක්වන්නට හා ජනමාධ්‍ය ප්‍රචාරය ගන්නට සමන්ත විද්‍යාරත්න කටයුතු කළ බවයි.
Related News