தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
ප්‍රංශය චීනය සමග එක්ව ඉරානයේ ගෑස් කැණීමට සූදානම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රංශය චීනය සමග එක්ව ඉරානයේ ගෑස් කැණීමට සූදානම්



ඉරානය සමග ප්‍රංශ ටොටාල් හා චීන සමාගම් එක්ව ගල්ෆ් මුහුදු ප්‍රදේශයේ ගෑස් කැණීම් සදහා වන ඩොලර් බිලියන 5කට වැඩි ආයෝජන වෙළද ගිවිසුමකට අත්සන් තබයි.

ගල්ෆ් මුහුදු ප්‍රදේශයේ ඉරානයට අයත් ගෑස් නිධියකින් කැණීම් කර ගෑස් ලබාගැනීමේ ගිවිසුමකට පසුගිය සදුදා අත්සන් තබා ඇතැයි විදේස මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව ගෑස් කැණීම් සදහා වන සමාගමේ කොටස් වලින් ප්‍රංශයේ ටොටාල් සමාගමට 50.1%ක කොටස්ද, චීන නැෂනල් පෙට්රෝලියම් කොපරේෂන් සමාගමට කොටස් 30%ක් හා ඉරනයේ පෙට්රෝප්‍රාර්ස් සමාගමට කොටස් 19.9%ක්ද හිමි වේ.

මෙම නව ගිවිසුම අනුව ටොටාල් සමාගමට නව සමාගමේ කොටස්වලින් සියයට පනහකට වැඩිය වෙන් කර ඇති බව වාර්තාවේ. මෙම නව සමාගම පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබීමට මීට පෙර සූදානම්ව සිටියත් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට නව ආර්ථික සම්බාදක පැනවීමේ සූදානමක් තිබූ හෙයින් ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වෙමින් තිබුනි.

කෙසේ වෙතත් පසුගිය සදුදා මෙම සමාගම් සිය අවසන් එකගතා ගිවිසුමට අත්සන් කිරීමට පියවර ගෙන ඇත.

ඔපෙක් සංවිධානයේ තෙවන විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයා වන ඉරානයේ ඩොලර් බිලියන එකකට වැඩි මුදලක් ආයෝජනය කිරීමට තම සමාගම සූදානම් බව ටොටාල් සමාගමේ ප්‍රධානී ප්‍රැට්‍රික් පොව්යානේ මීට පෙර පවසා තිබුනි.

ප්‍රංශය ඉරානයේ විශාලතම ආයෝජකයා ලෙස කටයුතු කරමින් සිටි අතර 2006 වසරේ ඇමෙරිකානු සම්බාධක පැනවීමෙන් පසුව එම තත්වය වෙනස්විය.

ගල්ෆ් මුහුදු ප්‍රදේශයේ ඇති ඛණිජ තෙල් නිධි කැණීම් සදහා 1990 වසරේ සිට ඉරානය හා කටාර් රාජ්‍ය එක්ව කටයුතු කරමින් සිටියි.




Related News