தமிழ்
English
Contact
Saturday 9th December 2017    
නුවරඑළිය ජනපති මන්දිරය නවීකරණයට මිලියන 130ක්! « Lanka Views | Views of the truth

නුවරඑළිය ජනපති මන්දිරය නවීකරණයට මිලියන 130ක්!



නුවරඑළිය පිහිටි ජනාධිපති මන්දිරය නවීකරනය කිරීමේ කටයුතු සදහා භාණ්ඩාගාරයෙන් රු.මිලියන 130ක් වෙන්කරන ලෙස යෝජනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කර ඇත.

මේ අනුව මෙම වසර සදහා මිලියන 20ක් සහ ඉදිරි වසරට මිලියන 70ක් වෙන්කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ වාර්ෂික ප්‍රතිපාදනවලට පිටින් මෙවැනි මුදලක් භාණ්ඩාගාරයෙන් ලබාගෙන වැයකිරීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ. ආණ්ඩුව මුහුනදී ඇති මුල්‍ය දුෂ්කරතා නිසා මෙම මන්දිරය නවීකරණය සදහා මිලියන 130ක් වැය කිරිම වෙනුවට වසර 4කදී එම මුදල යවැය කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. ඒ අනුව 2020දී මෙම නවීකරණ කටයුතු අවසන් කරන්නට යෝජිතය.

යටත් විජිත සමයේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ පාවිචිචියට නුවර එළියේ ඉදිකර තුබුනු මෙම නිල නිවස ‘Queen’s Cottage, Lodge වැනි නම්වලින් හදුන්වන ලදී. ඉංග්‍රිසි පාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ පසුව  1972 සිට ජනාධිපති නිලනිවස ලෙස පාවිච්චියට වෙන්කර තිබිණි. මෙහි ඇති පෞරාණික අගය නිසා එය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂනය කළ යුතු වුවද ජනාධිපතිවරයා සූදානම්වන්නේ එය නුවරඑළියේ නිවාඩු ගතකිරීමට අවශය අවස්ථාවලදී යොදාගන්නට හැකි ආකාරයට නවීකරණය කර ගැනීමට බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි.




Related News