தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
ඩෙංගු අවදානමට නිසි පිළියම් නොයෙදීමෙන් සරසවි සිසුවියක් ජීවිතයෙන් වන්දි ගෙවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩෙංගු අවදානමට නිසි පිළියම් නොයෙදීමෙන් සරසවි සිසුවියක් ජීවිතයෙන් වන්දි ගෙවයි



මොරටුව සරසවි සිසුවියක් ඩෙංගු රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් අද(01) දින එම සරසවි සිසුන් විසින් නිහඩ විරෝධතාවයක් පවත්වන ලදි.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටි චේතනී අබේකෝන් නමැති සිසුවියෙකි.

මෙම රෝගී අවදානම පිළිබඳ නොතකමින් නිසි පිළියම් යොදනවා වෙනුවට සරසවි අධ්‍යන කටයුතු අඛන්ඩව පවත්වාගෙන ගිය පාලනාධිකාරිය මෙම මියයෑමට සෘජුවම වගකිව යුතු බව විරෝධතාකරුවන් විසින් චෝදනා කර සිටී.

කෙසේ වෙතත් අද දින සිට ලබන 17වන දින දක්වා මොරටු සරසවිය මෙම ඩෙංගු රෝගී අවදානම හේතුවෙන් වසා දමිමට පාලනාධිකාරිය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

 




Related News