ජයවර්ධනපුර ශිෂ්‍ය ගැටුමට අපි සම්බන්ධ නෑ! – අ.වි.ශි.බ.ම. වැඩබලන කැදවුම්කරු

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ශිෂ්‍යයන් අතර ඇති වූ ගැටුමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ වෙනත් ශිෂය පිරිසක් අතර ගැටුමක් ලෙස අද ඇතිමි ජනමාධ්‍ය විසින් කළ වාර්තා කිරීම් සාවද්‍ය බව අ.වි.ශි.බ.ම. වැඩබලන කැදවුම්කරු මංගල මද්දුමගේ පවසයි.

ඊයේ රාත්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පැවති ආගමික කටයුත්තක් අතරතුර ගැටුම ඇවිල යාමෙන් පසුව එය මැඩපවත්වන්නට පාලකයන් විසින් විශේෂ කාර්ය බලකාය කැදවා තිබිණි. ගැටුමේදී තුවාල ලැබූ ශිෂ්‍යයන් තිදෙනෙක් රෝහල්ගත කර තිබේ.

අද දින(01) කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී අ.වි.ශි.බ.ම. වැඩබලන කැදවුම්කරු ප්‍රකාශ කළේ එම ගැටුමට ශිෂ්‍ය සංගම් හෝ අ.වි.ශි.බ.ම. සම්බන්ධ නැති බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ නේවාසික හා නේවාසික නොවන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර පවතින මේ නුරුස්නාබව අවුරුදු ගණනක් පැවති තත්වයකි. විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන් තොරාපත්කරගන්නා ශිෂ්‍ය සංගම් විසින් මෙම ගැටලුව විසදීමට ගත් ප්‍රයත්නයන් කිසිවකට ඔවුන්ගේ සහයෝගයක් ලැබී නැත. ශිෂ්‍ය ගැටුම් වලක්වන්නට මහ ශිෂ්‍ය සංගමය මැදිහත් නොවන බවට ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් ප්‍රකාශ කර තිබේ. විද්‍යාපීඨයේ ආචාර්‍යවරුන් පවා මේ ප්‍රශ්ණයේදී දෙපැත්තකට බෙදි සිටිනබවද ඔවුහු පෙන්වා දෙති.

 

Leave a Reply