ඉන්දියානු ධීවර සංගම් ඉල්ලීම ලංකා ධීවරයෝ ප‍්‍රතික්ෂේප කරති

jaffna protest

ඉන්දියාවේ සහ ලංකාවේ ධීවරයන් අතර ගැටලූව විසඳීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කරන ලද සාකච්ඡුා අසාර්ථක වී ඇතැයි වාර්තා වේ. පසුගියදා කරන ලද ඉන්දියානු සංචාරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි අතර පැවැති සාකච්ඡුාවද විසඳුමකින් තොරව අවසන් විය.

නමුත් ධීවර ඇමති මහින්ද අමරවීර පවසන්නේ පුළුල් එකඟතාවයක් ඇතිකරගත් බවයි. මේ අතර ඉන්දිය ධීවරයින් උතුරු මුහුදු සීමාවට ඇතුලුවීම වළක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන සාකච්ඡුා කිරීම සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස එරට ධීවර සංගම් නියෝජිතයින් සිදුකළ ඉල්ලීම උතුරේ ධීවර සමිති සංගමය ප‍්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

සංගමයේ අනුශාසක විනයාගමුර්ති සහාදේවන් උපුටා දක්වමින් ඉන්දීය පුවත් සේවා සඳහන් කර ඇත්තේ මෙරට අග‍්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා අතර සිදුවු දීර්ඝ සාකච්ඡුාවකින් අනතුරුව විසදුමක් නොලැබුණු මෙම ගැටලුව සාමාන්‍ය ධීවර සමිති නායකින් සමග සාකච්ඡුා කර විසදාගත නොහැකි යැයි ඔහු පැවසු බව ජනරළ වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්

Leave a Reply