එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය මෛත්රීපාල පාර්ශ්වය විසින් තහවුරු කර ගැනීමත් සමග එහි මහින්ද හිතවාදී පාර්ශවකාර පක්ෂ කිහිපයක් ඒකාබද්ධව නව සන්ධානයක් ආරම්භ කිරීමට සාකච්ඡුා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදීන් මෙහි ඉදිරි පෙලේ සිටින බවද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලේ මන්ත්රීවරුන් වැඩි පිරිසක් එකඟ කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවද වැඩි දුරටත් වාර්තා වේ.
මෙම පිරිස ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බිහිවන මෙම අලූත් සන්ධානයකින් තරග කිරීමටද සූදානමින් සිටී.
හර්ෂනී රාජකරුණා