ඇමැති ධුර බෙදා ගැනීමේ යුද්ධය උග‍්‍ර අතට  දිව්රුම් දීම් තවත් කල් යයි 

ranilmeithri 1

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අගෝස්තු 21වැනිදා ගිවිසුමකින් එකඟතාවයකට පැමිණියද ඇමැති ධුර බෙදා ගැනීමට අදාලව මතුවී ඇති මතභේද නිසා පැන නැගී තිබිණි.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සැප්තැම්බර් 02 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබුනත් එය තවත් කල් යනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක අගෝස්තු 27 දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවක්  ගොඩ නගන්නේනම් කැබිනට් අමාත්‍යධුර 15 ක් පමණක් ශ‍්‍රීලනිපයට ලබා දී ඇමති කම් 30ක් එජාපයට ලබා ගැනීමට අගමැතිවරයා කර තිබෙන යෝජනාවට ජනාධිපතිවරයා එකඟවී නැතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

පිහිටුවන නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 කට සීමා වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් පළමු වරට 27වැනිදා නෙත් ගුවන්විදුලියට කල ප‍්‍රකාශයකදී සඳහන් කළේය.

එහෙත් අදාළ අමාත්‍ය ධුර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදී යන්නේ කුමන අනුපාතයකට දැයි තවමත් ප‍්‍රකාශ කළ නොහැකි බවද ඔහු මෙම සංවාදයේදී කියා සිටියේය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක කියා සිටින්නේ සිය සාකච්ඡා සිදුකෙරෙන්නේ ප‍්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මිස අමාත්‍ය ධුර සංඛ්‍යාව හෝ අමාත්‍ය ධුරවලට පත්කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නොවන බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇති කර ගැනීම තව දුරටත් ප‍්‍රමාද වුවහොත් ආණ්ඩුව පිහිටුවීම පිලිබඳ අර්බුදයක් උද්ගත වනු ඇත. සැප්තැම්බර් පළමු වැනිදා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

වජිර තෙන්නකෝන්

Leave a Reply