නව ඇමති මණ්ඩලය හා ඒවාට අයත් විෂයන් සම්බන්ධයෙන් ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ එජාප නායක අගමැති රනිල් වික්්රමසිංහට බාරදී ඇතැයි පැවසෙන වාර්තාවක් ජනරළට ලැබී තිබේ.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරන පක්ෂ දෙකේ නියෝජිත මණ්ඩලය මෙම වාර්තාව සකසා ඇති බවට තොරතුරු වාර්තා වේ.
එයට අනුව නව ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායකද විදේශ ආයෝජන අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්රමද සහ මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධනද පත් කිරීමට නියමිතය. බැංකු සහ මූල්‍ය අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් පත්කෙරෙනු ඇති බවටද මහා පරිමාණ ව්‍යාපෘති භාරව අලූතින් පිහිටුවනු ලබන මෙගා පොලිස් අමාත්‍යංශය සඳහා අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කෙරෙනු ඇති බවටද වාර්තා ලැබී තිබේ.
පරිසර, මහවැලි, ජාතික ඒකාබද්ධතා සහ ආරක්ෂක යන අමාත්‍යාංශ තමන් යටතේ තබා ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 23වැනිදා පැවැති මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ හමුවේදී ප්‍රකාශ කල බැවින් ඒවා සඳහා ඇමතිවරුන් නම් කර නැත.
මීට පෙර 24වැනිදා මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්,ඞී.එම්.ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ලෙසත්, විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැති ලෙසත් දිවුරුම්දුන්හ.
උසස් අධ්‍යාපන, සමෘද්ධි, කෘෂිකර්ම, වාරිමාර්ග, මහාමාර්ග සහ ඛනිජ තෙල් යන අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යවරුන් පත්කෙරෙනු ඇතැයි ද වාර්තාව සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් පක්ෂ දෙකේ එකඟතාවක් ප්‍රකාශයට පත්වී නැත.
මේ පිලිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ 28 රුස්වුණූ අතර ඇමැතිධුර ලබාදම හා විපක්ෂ නායක ධූරය ලබාදිය යුත්තේ ශී‍්‍රලනිපයේ කාටදැයි යන්න පිළිබදව තීරණය කිරීමේ බලය ශී්රපනිප සභාපතිවරයා වන මෛතී‍්‍රපා සිරිසේන ජනාධිපතිවරයාට පැවරීමට එම මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි ආසන්න දින කිහිපයේදී ජනාධිපතිවරයා විසින් එම තනතුරුවලට පත්කරන්නේ කවුද යන්න තීරණය කරනු ඇත.
කෙසේ වෙතත් මෙයින් මහින්ද පාර්ශවයේ ප්රබලයන්ට මෙහිදී පල නෙකියා පලා බෙදීම සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ප්‍රසන්න ජයවීර
ජනරළ ඇසුරෙන්