ඇමතිවරු දෙදෙනෙක් වැඩබලන්න දිවුරුම් දෙයි

Acting-Ministers-1

රුවන් විජේවර්ධන සහ අනුරාධ ජයරත්න වැඩබලන අමාත්‍යවරු ලෙස අද (23) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ  දිවුරුම් දෙන ලදී.

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධනද වැඩබලන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්නද මෙලෙස දිවුරුම් දුන් බව වාර්තා වේ.

Acting-Ministers-2 (1)

එක්සත් ජාතීන්ගේ 70 වන සැසිවාරය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශ ගතවන බැවින්  මෙම අමාත්‍යාංශයන්හි වැඩ බලන අමාත්‍යවරු පත් කෙරිණි. මෙම දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේදී  සිදුවිය.

Leave a Reply