නිරිතදිග මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමග නැවත ආපදා තත්වයක් ඇති විය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අගවා තිබේ. පසුගිය පැය 24ක් තුළ ඇදහැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ පහත් ස්ථාන හා මාර්ග ගණනාවක් ජලයෙන් යටවී මේ වනවිට එම ජලමට්ටම අඩුවී ගොස් ඇත. කොළඹ නාගරික ප්‍රෙද්ශ අතර පංචිකාවත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල හන්දිය, ආමර් වීදිය, ඉඟුරුකඩේ හන්දිය, ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවී රථවාහන ගමනාගමනා ගමනයට බාධා සිදු විය. එසේම කදුකරයේ නිරිතදිග බෑවුම්ට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග මේ වනවිට නැවතත් කැළණි ගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනයක දැක්වේ.
හිනිදුම උඩුගම මාර්ගයේ ස්ථාන කීපයක් සහ විශේෂයෙන්ම ඇල්පිටිය හා පිටිගල අවට ප්‍රදේශ ජලයෙන් යටවී තිබුණු බව ගාල්ල ආපදාකරණ මධ්‍යස්ථානය පවසයි. මාදු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ගංවතුර තත්වය වැලැක්වීමට බලපිටි දූව මෝදර කලපුවේ මෝය කට කපා ජලය ඉවත්කිරිමට කටයුතු කරන බවත් ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයක වැඩිදුරටත් සදහන් ව්.
නිරිත දිග මෝසමත් සමග ඇද හැලෙන දැඩි වර්ෂාවත් සමග මේ වනවිට කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් ගංවතුර අවදානමට ලක්ව ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ පිටාර ගැලීමෙන් ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.