ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාර තුළ කුනුවී දුගද හැමීම නිසා ඉවත් කළ ටොන් තුනක ආනයනික මාළු තොගය පසුගිය කාලයේ වරින්වර රජයේ රෝහල්වල රෝගීන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට පිසූ ආහාරවල අඩංගු වූ බවට සැකයක් මතුව තිබේ. එසේම මෙම මාලු තොගයෙන් කොටසක් වරින්වර විවිධ දුර ප්‍රදේශවලට අලෙවිය සදහා ගෙන ගොස් ඇති බවටද තොරතුරු හෙලිව තිබේ.
ඇතැම් වාර්තාවලට අනුව, මේ මාලු තොගය විදේශයකින් ලංකාවට ගෙන්වා ඇත්තේ රාජිත සේනාරත්න ධීවර ඇමතිවය සිටි කාලයේදීය. තවත් මූලාශ්‍රවලට අනුව මෙම මාලු වසර අටක් පමණ පැරණිය. මේවා ෆීලික්ස් පෙරේරා ධීවර ඇමැති ලෙස සිටියදී නේවන ලද මාලු බවටද මතයක් තිබේ. ඔහු සන්නද්ධ හමුදා සදහා ආහාර ද්‍රව්‍ය සැපයුම් කොන්ත්‍රාත්තුව හිමිකරගත් අයකු බව ප්‍රසිද්ධ කරුණක් නිසා ආරක්ෂක හමුදා වෙත මෙම කුනු මාලු සැපයූ බවට සැකයක් මතුව තිබේ.
පසුගිය කාලයේ වරින්වර මෙසේ ගෙන්වන ලද මාලු තොගවලින් විශාල කොමිස් ගසාකෑමක් දේශපාලන නායකයන් සිදුකර ඇති බවත් ලංකාවේ මාලු තොග ප්‍රමාණවත්ව තිබියදී විවිධ හේතු දක්වමින් මෙම මාලු ආනයනය කර ඇත්තේ වෙළෙදපොල මිට වඩා විශාල මිල ගණන්වලට බවද හෙළිව තිබේ.