මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති මරණීය දණ්ඩනය ලබාදීමට මූලිකවම අවශ්‍ය කරන අලුගෝසුවන්ගේ තනතුරුවල පැවැති පුරප්පාඩුව සදහා පසුගිය දිනවල අයදුම්පත් කැදවන ලදී.
එම තනතුර සදහා පුද්ගලයන් 14 දෙනෙකු පමණ අයදුම්පත් එවා තිබුනි. අද දින බන්ධනාගාර මූලස්ථානයේ පැවැති සම්මුක පරීක්ෂණයකින් පසුව අලුගෝසු තනතරු සදහා පුද්ගලයින් දෙදෙනෙකු බඳවාගෙන තිබෙන බව වාර්තාවේ.
රට තුල දිනෙන් දින ඉහළ යන අපරාධ මැඩපැවත්වීමට මරණීය දණ්ඩනය නැවත කි‍්‍රයාත්මක කළ යුතුබවට වන මතයක් සමාජය තුල සංවාදයට පැමිණීමත් සමග මෙම අලුගෝසු පුරප්පාඩු සදහා රට තුල විශේෂ අවධානයක් යොමුවිය.
කෙසේ වෙතත් මීට පෙරද මෙම අලුගෝසු තනතුර සදහා පුද්ගලයකු බඳවාගෙන තිබුනද පසුව ඔහු සිය රාජකාරිය සදහා වාර්තා කිරීම තවත්වා ඇත.