අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යාංශ තනතුරක් !

අපකීර්තිමත් බැදුම්කර ගනුදෙනුව පිලිබද චෝදනා නිසා ඉල්ලා අස්වන්නට සිදු වූ අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට මුදල් අමාතයංහයේ වගකිව යුතු නිලයකට පත්කර තිබේ.

දැනගන්නට ඇති අන්දමට ඔහුට මුදල් අමාත්‍යංශයේ මහබැංකු විෂය පිලිබද උපදේශකත්වය පවරා ඇත. මුදල් අමාත්‍යවරයා විසින් සතියකට දෙවරක් කැදවන මුදල් අමාත්‍යංශයේ වැදගත් තීන්දු සම්බන්ධ සාකච්ඡාවට සහභාගි වෙමින්  අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් බැංකු අධිපති කුමාරස්වාමි වෙත ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති, අමාත්‍යාංශ ලේකම්, සහ අනෙකුත් උපදේශකයන් සමග මෙම විහේස සාකච්චාව කැදවන මුදල් ඇමැති රවි කරුනානායක සතියේ මුල්‍ය තත්වය හා ආර්ථික කටයුතු පිලිබද උපදේශ ලබාගන්නට එහිදී අයස්ථාව සලසා ගනී. මෙබදු රාජ්‍ය තීන්දු සදහා වංචා දූෂන චෝදනාවකට ලක්වූවකු යොදාගැනීම විසින් මුදල් ඇමැති හා ආණ්ඩුවේ වගකීම කුමක්දැයි පැහැදිලි වන බව රාජ්‍ය මුල්‍ය විෂය පිලිබද ප්‍රවීණයෝ පෙන්වා දෙති.

Leave a Reply