ටෙලිකොම් සමාගමේ මෑන්පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කිරීම සදහා අරගලයක නිරතව සිටින විදුලි සංදේශ කම්කරු සේවක සංගමයේ උප සභාපති එම්. සුජීව මංගල ඊයේ සිට අතුරුදන්ව ඇත.
ටෙලිකොම් සමාගමේ වසර ගණනාවක් සේවය කරන මෑන්පවර් සේවකයන් විසින් දෙසැම්බර් 26 වැනිදා සිට තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරතව සිටී. දැනට වැඩවර්ජනයට සමාන්තරව කොළඹ ටෙලිකොම් මූලස්ථානය අසළ අඛණ්ඩ ස්යග්රහය විරෝධතාවක නිරතව සිටින ඔවුන් සමග සිටි සුජීව මංගල 29 වැනිදා අලුයම සිට අතුරුදන්ව සිටින බව ඔහුගේ බිරිඳ වන වසන්ති දේවිකා පොලිසියට පැමිණිලි කර තිබේ.
ජනවාරි 29 වැනිදා අළුයම 1.00ට පමණ සිය නිවස බලා පිටත් වූවත් ඔහු නිවසට පැමිණ නැත. යතුරු පැදියෙන් කොළඹ සිට පිටත් වූ සැමියා , පන්නිපිටිය, පැලැන්වත්තේ නිවසට ළඟා වනු ඇතැයි අපේක්ෂා කළද නොපැමිනි නිසා පිළියන්දල පොලිසියට අංක CIB (2) 398/542 දරන පැමිනිල්ල ඉදිරිපත් කළ බව ඇය පවසා තිබේ.