අපි තොපේ කුනුමාලු කන්නෙ නෑ!

Fish

Wasantha Wijenayake විසින් තැබූ ෆේස්බුක් සටහනක් අප උපුටා පළ කරන්නේ එහි ඇති කාලීන වැදගත්කම නිසයි.

“මේ මස් බල්ලෙකුටවත් කන්න බෑ!“

එහෙම කිව්වෙ අවුරුදු 111කට පෙර රුසියානු නාවිකයෙක්. සුප්‍රකට රුසියානු සිනමාකරු සර්ජෙයි අයිසෙන්ස්ටයින්ගෙ ‘බැට්ල්ෂිප් පොටෙම්කින්‘ චිත්‍රපටය අපට සිහිපත් කළේ බල්ලන්ටවත් කන්න බැරි කුනු මාලු ‘රණවිරුවන්‘ ලෙස හදුන්වන සොල්දාදුවන්ටත් රෝහල්වල රෝගීන්ට සහ සුව සේවකයන්ට දුන් බව වාර්තා වීමත් සමගයි.

රජයේ ආහාර සැපයුම් කොන්ත්‍රාත්කරුවකුව සිටි ෆීලික්ස් පෙරේරගෙ කාලෙ ගෙන්වූ මාලු තොගයක් මෙසේ වසර 8කට පස්සෙ ඉවත් කළත් වරින්වර විවිධ ප්‍රමාණයෙන් විකුණා ඇති බවට ශීතාගාර සේවනකයන් පවසනවා. ධීවර සංස්ථා ශීතාගාරයක තිබුනු කුනු මාලු රජයේ රෝහල්වල සහ ආරක්ෂක හමුදාවල ආහාර සදහා නිකුත් කරන්නට ඇති බවට ඒ නිසාම සැක මතු වී තිබෙනවා.

පොටෙම්කින් නැවේ නාවිකයෝ කුණු වී ගිය මස් පරික්ෂා කරති…

‘බැට්ල්ෂිප් පොටෙම්කින්‘ කතාවෙ නම් නාවික භටයො කුණු  වී පනුවො හැලෙන මස් ආහාර සදහා සූදානම් කරන බව දැකලා සාර් පාලනයට විරුද්ධව සටන් වදින විප්ලවවාදින් සමග එකතු වුණා. විප්ලවකාරී නාවිකයන්ට වෙඩිතබා මරාදමන්න දුන් නියෝග නාවික තුවක්කුකරුවන් පිලිපැද්දෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, ‘කැරලිකාර පොටම්කින් නැව‘ යටත් කරන්න කාලතුවක්කුවලින් වෙඩි තියන්න කියලා අන දුන්නම සාර්ගෙ නාවික හමුදාවෙ නාවිකයන් ඊට එකග වුනෙත් නෑ. ඒ සියලු සහෝදරත්වයන් එක්ව සටන් වැදුණත් 1905 විප්ලවය පරාජය වුණා. එදා පරාජය වුණත් ඒ නිර්ධනයන්ගෙ සමගිය 1917 ජයග්‍රහණය කළා. පොටෙම්කින් නැවේ නාවිකයන් තමන් මුහුන දෙන පීඩාව ඇසුරින් සමකාලීන රුසියානු ජනයාගේ පීඩාව වටහාගත්තා. ඊට එරෙහිව සටන් කරන්න තීරණය කලා. ඔවුන්ට නැවේදි නායකත්වය දුන් පුරෝගාමි වකුලින්චුක් කෘර ලෙස ගාතනය කළත් සාධාරණ අරගලය අත්හරින් ඔවුන් සූදානම්වුනේ නෑ.

දැන් අපි ලංකාවෙ කතාව ගමු. හැමදාම ආණ්ඩුව බෙදන කුනුමාලු කන්න අපි සූදානම්ද? පහුගිය කාලෙ රෝහල්වල හිටිය අපි කොච්චර නම් කුනුමාලු කන්න ඇද්ද? අපේ දරුවොත් රෝහල්වල ඉදිද්දි මේ කාලකණ්නි ජාවාරම්කාරයන්ගෙ කුනුමාලු දෙන්න ඇති. අබිහස් ලෙඩ හැදෙන තරම් අපි පාලකයන්ගෙ කුනු මාලු කන්න ඇති. මුන්ගෙ ලාභය වෙනුවෙන් අපි එහෙම කුනුමාලු කාලා උන් කියන කුනුකතා කොච්චර නම් අපි ඇහුවද? හැමදාම මේ නින්දිත රැවටිල්ලට හසු වෙමින් කානුපල්ලට වඩා පහත් මේ ජිවිතය අපි පිලිගන්නවද? නැත්නම් අපට කුනු මාලු කවන  ෆීලික්ස්ලාට එරෙහිව වකුලින්චුත්ලා සමග සටන් ආරම්භ කරනවද? අපිට පොටෙම්කින් නැවක් හොයාගන් වේවි. ඒ නැතත් අපිට සටන් ආරම්භ කරන්න සාධාරණ හේතු සිය ගණනක් තියෙනවා.

අපි පටන් ගමු…හයියෙන් කෑගහලා කියමු.  “මේ මස් බල්ලෙකුටවත් කන්න බෑ! – තවත් අපි තොපේ කුනුමාලු කන්නෙ නෑ!“

පාඨක දැනගැනීමට Battleship Potemkin (1925)චිත්‍රපටය යූ ටියුබ් මගින් –

Leave a Reply