විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා මහජන පීඩා සිදුකළැයි චෝදනා ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (19) වරෙන්තු නිකුත් කළේය.
2015 ඔක්තෝබර් මස 06 වැනි දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී කරන ලද විරෝධතාවකදී මහජන පීඩා සිදුවී ඇතැයි සදහන් කරමින් මෙම සැකකරුවන්ට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් චෝදනා ගොනු කර තිබිණි. අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ළහිරු චතුරංග වීරසේකර, පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමි, අමිල සඳරුවන්, රංගන සමරතුංග, ආත්මා ප්‍රියදර්ශන සහ දිනේෂ් මධුරංග යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණ. එම නඩුව ලබන අගෝස්තු 25 වැනි දා යළි කැඳවීමට නියමිතය.