අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහා අද සහ හෙට දිනයන්හි (17,18) ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කර ඇත.
සයිටම් අහෝසි කරනු, පෞද්ගලික උපාධි ප්‍රධාන ආයතන පිහිටුවීම නවතනු, රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බදවා ගැනීම් ඉහළ දමනු ආදි වූ සටන් පාඨ කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් හෙට (17) හා අනිද්දා (18) පැවැත් වීමට නියමිත විරෝධතා පාගමණ නවතාලමින් මෙම තහනම් නියෝගය ලබා දී තිබේ.
කුරුඳුවත්ත පොලීසිය විසින් අධිකරනය හමුවට ගොස් විශ්වවිද්‍යාල සිසුන් හා වෛද්‍ය සිසුන් විසින් සාමය කඩවන හා මහජනයාගේ දෛනික කටයුතුවලට බාධා ඇති වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමේ සුදානම ඉදිරිපත්කරමින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.