උන්ට කලින් මම ‘දාස් කැපිටාල්’ කියෙව්වෙ – රාජිත කියයි!

නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ ලබාදෙන අධ්‍යාපනය අහෝසි කර අනෙකුත් මිනිසුන්ගේ දොරවල් වසා දමන එක නොවන බවත් බොහෝ දෙනාට පෙර තමන් ‘දාස් කැපිටාල්‘ කියවා ඇති බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවති සෞඛ්‍ය සේවයට පුහුනු අභ්‍යාසලාභීන් බදවාගැනීමේ උත්සවයකදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේ කීය.

වාමාංශිකයන් සම්බන්ධව ඔහු එහිදී පළ කළ අදහස්වල සදහන් වූයේ මෙසේය.

“නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය ලබාදීමට නිදහස තිබිය යුතුයි. බැරිනම් මුදල්වලට ලබාදිය යුතුයි. විවිධ පිරිස් පැමිණ වාචාලකම් දොඩවයි. ඔවුන්ට පෙර මම දස් කපිටාල් එක කියවා තිබෙනවා. වර්තමානයේ කෑගහන පිරිස් එය හරියට කියවා නැහැ. ඔවුන් ඉන්නේ 19 වන ශතවර්ෂයේ යි. මාක්ස් මහා ප්‍රාඥයෙක්. ඔහු අද හිටියා නම් වෙනස් වෙලා. මහාප්‍රාඥයන් එකතැන පල් වන්නේ නැහැ. ලෝක වෙනස්වීම් හදූනාගෙන ඉදිරියට යනවා. ඊයේ කළ ප්‍රකාශ ගැන කියවමින් සිටින ප්‍රාඥයින් නොවෙයි. හෙට දවස වෙනුවෙන් ජිවත් විය යුතුයි. කොමියුනිස්ට්වාදය පරාද වුනා. 1977 වසරේ දී අපේ රටේ වම බින්දූවට බැස්සා. ඒ කාලයේ මම රැස්වීම් 177 ක කථා කරලා තිබුනා. නමුත් වම ගොඩගන්න බැරි වුනා.”

ඇමතිවරයා එම අවස්ථාවේ කළ අදහස් දැක්වීමේදී මෙසේද පවසා තිබිණි.

“සරසවි සිසුන් පෙරටුගාමි පක්ෂයේ උසිගැන්වීම් මත පෙළපාලි යනවා. රට තුල නැවැත කැරළි ගැසීමටයි හදන්නේ. අන්තවාදී පිරිසක්. සන්නද්ධ විප්ලවයක් එනතුරු දේශපාලනය කරන පිරිසක්. ඔවුන් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එකතු වෙලා සිටිනවා. ඒ වෙනත් දේශපාලන පරමාර්ථ වලින්. මොන පරමාර්ථ වලින් ගියත් ලෝකයේ සිදූවන වෙනස්කම් තවදූරටත් සිදූ වෙනවා.”

Leave a Reply