වෛද්‍ය ශිෂ්‍ය මව්පියන්ගේ විරෝධය බලන්න ජනාධිපති හොරෙන් ඇවිත්!

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පවතින වෛද්‍ය ශිෂ්‍ය මව්පියන්ගේ විරෝධතාව අසළට තමන් පැමිණි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එම විරෝධකාව අසළට තමන් පැමිණි බවද එහි සිටි කිසිවකු තමන් එසේ පැමිණි බවක් නොදන්නා බවද කී ජනාධිපතිවරයා තමන් ඒ අසළින්ම නිලරථයේ සිට විරෝධතාකරුවන් දෙස බලමින් ගමන් ගත් බව පවසා සිටියේය. වෛද්‍ය ශිෂ්‍යයන් දින 520ක් විරෝධතා අට්ටාලවල සිටියද උසස් අධ්‍යාපන ඇමතිවරයා හෝ වෙනත් බලධාරියකු ඔවුන්ගේ විරෝධයට කන් දී නැත. අද දින කොටුව දුම්රියපොළ ඉදිරියෙන් ජනාධිපතිවරයා ගමන්ගත් පසුව එම විරෝධතා අට්ටාලය ඉවත්කිරීමට පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන තිබේ.

Leave a Reply