Interstellar (2014)

Following (1998), Memento(2000)  Insomnia (2002 The Prestige (2006) The Dark Knight Trilogy (2005–2012) Inception  වගේ සුපිරිතම චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂවරයා වුණු ක්‍රිස්ටෝපර් එඩ්වඩ් නෝලන් විසින් නිර්මාණය කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය බොහෝ ඇගයීමට ලක් විය. IMDb අගයෙන් 8.5ක් වගේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් අත්පත් කර ගැනීමට තරම් මෙම චිත්‍රපටය සුවිශේෂීයි. ඒ වගේම 2015 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 05කට නිර්දේශ වුණු මේ චිත්‍රපටය අමරිකානු ඇකඩමි සම්මාන උළෙලේදී හොදම දෘෂය ප්‍රයෝගික චිත්‍රපටය (Best Achievement in Visual Effects) ලෙසින් සම්මාන ලබා ගත්තා.

Interstellar-2014-02

විද්‍යා ප්‍රබන්ධයක් වන මෙම චිත්‍රපටය පිළිබදව 2007 වර්ෂයේදී කිප් තෝර්න් නම් භෞතික විද්‍යාඥයා සමග සාකච්ඡා ආරම්භ කරල තියෙනවා. ඒ වගේම මේ නිර්මාණය සිදු කිරීම පිළිබදව Paramount චිත්‍රාගාරයෙන් හා කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයෙන් (Caltech) විද්‍යාඥයින් ගෙන්වලා වැඩමුළු පවා  පවත්වලා. මෙහි තිර පිටපත නෝලාන්ගේ සහෝදරයා වන ජොනතන් නොලාන්ගේ. නමුත් මෙම චිත්‍රපටය රෑගතකිරීම්වලදී අධ්‍යක්ෂවරයා ලෙසින් ක්‍රිස්ටෝපර් නොලාන් මුල් තිරපිටපතේ විවිධ වෙනස් කිරීම් සිදු කර තිබෙනවා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස මැතිව් මැක්කොනගිත් ප්‍රධාන නිලිය ලෙසින් The Dark Knight Risesචිත්‍රපටයේ “Catwoman” විදිහට චරිත නිරූපණය කරපු ඈන් හැතවේ ත් යොදා ගෙන තිබීම චිත්‍රපටයේ සාර්ථකත්වයට බොහෝ සෙයින් වැදගත් වෙලා තියෙනවා.

Interstellar-2014-03

දවසින් දවස ආහාර වද වෙන ලෝකයක එක්තරා පවුලක කතාවක් පිළිබදව මිනිත්තු 169ක් පුරාවට කතා කරන මේ චිත්‍රපටය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 165ක් වියදම් කරල තියෙනවා. ඒ වගේම තමයි මේ නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 675.1ක් බොක්ස් ඔෆීස් වාර්තාවක් තියන්න සමත්වෙලා තියෙනවා.

අනාගත ලෝකයේ ජීවයට අවශ්‍ය බෝග සැපයීමේ විකල්ප සොයමින් සිටින විද්‍යාඥයින් පිරිසක් වෙනත් මානයක ඇති ග්‍රහලෝකයක් පිළිබද සිදු කරන පර්යේෂයක් හා එහි වාසය පිළිබද සිදු කරන පර්යේෂණ ඇත්තටම සාර්ථකද? ග්‍රහයාගේ යෝග්‍යතාවය මිනිස් වාසයේ නව මංපෙත් විවර කරයිද? මෙතෙක් විද්‍යාඥයින් විසින් හෙළිකර ගත් ගුරුත්වාකර්ශන නියමයන් නිවාරදිද? මේ සියලු ගැටළු පිළිබද සාකච්ඡා කරන අපුරු විද්‍යා ප්‍රබන්ධයක් ලෙස Interstellar නම් කරන්න පුළුවන්. එහෙනම් මේ චිත්‍රපටයත් බලලම අදහස් කියන්නකෝ….