නව දේශීය ආදායම් පනතක් – සේවක අරමුදල් මත බදු ගසයි
Posted on 05.16.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙතෙක් බදුවලින් නිදහස්කර තිබුණු සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම අරමුදල්, සේවාන්ත අරමුදල් සහ පුණ්‍යායතන අරමුදල් මත 14%ක බද්දක් පැනවීමට ආණ්ඩුව නීති සකස් කර කැබිනට් අනුමැතියට ඉදිරිපත්කර ඇත.
නව දේශීය ආදායම් පනතක් ලෙස හදුන්වමින් මෙම විශේෂ නීතිය ගෙන එන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුව විසින් මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පියවා ගැනීමට සේවක අරමුදලට අත තැබීමට ගත් විවිධ උත්සාහයන්ට සේවක විරෝධයත් සමාජයේ පොදු අප්‍රසාදයත් වර්ධනය වී ඇති පසුබිමකය. යෝජිත පනත මගින් ගෙනඑන්නට නියමිත 14% බදු අයකිරීමට සුලු හා මධ්‍ය පරිමාණ වයවසායන්, භාණ්ඩ හා සේවා අයත්වන බවද වාර්තා වේ. මෙම බදු අයකිරීමට අයත්වන ව්‍යාපාර අතර භාන්ඩ හා සේවා අපනයනය, දේශීය තොරතුරු තාක්ෂණ, ගෘහභාණ්ඩ නිෂ්පාදන, අධ්‍යාපන, සංචාරක, ධීවර, වැවිලි කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති, විදේශ සේවාදායකයන්ට නැව්බඩු ගෙනයාමේ පහසුකම් සැලසීම ආදිය අයත් වේ.
Related News