ජල බෝතල් කම්හල නිසා ළිං සියල්ල හිදී ගිහින්

කුලියාපිටිය, පන්නල ප්‍රදේශයේ ජලය බෝතල් කරන නිෂ්පාදනාගාරයක් හේතුවන් එම ප්‍රදේශයේ ජනතාව බරපතල පීඩාවකට ලක්ව සිටී.

අදාළ ජල බෝතල් කම්හල සදහා අධික ලෙස ජලය ලබා ගැනීම හේතුවෙන් සඳලංකාව, වැටකෙයාව, කොරලේවත්ත, මාකඳුර, ගුරුගේවත්ත ඇතුළු ප්‍රදේශ රැසක ලිං සියල්ල මේ වන විට සිදී ගොස් ඇත. මෙම ගැටළුව හමුවේ ඊයේ දින (14) රාත්‍රියේ එම ආයතනයට පිරිසක් විසින් පහරදීමක් කර ඇති අතර පොලිසිය විසින් අදාළ පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිෂ්පාදනාගාරයට මෙම ක්‍රියාවලිය සඳහා නිතීමය බලපත්‍රයක් පවතින බැවින් එම ආයතනයට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවද පොලිසිය දන්වා සිටී.