தமிழ்
English
Contact
Friday 28th July 2017    
ෂැංහයි සහයෝගිතා සංවිධානයට ඉන්දියාව හා පාකිස්ථානය එක්වේ « Lanka Views | Views of the truth

ෂැංහයි සහයෝගිතා සංවිධානයට ඉන්දියාව හා පාකිස්ථානය එක්වේ




පසුගිය දෙදින තුල කසකස්ථානයේ අස්තානා නුවර පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ නව සාමාජිකයින් ලෙස ඉන්දියාව හා පාකිස්ථානය ඇතුලත් කරගෙන ඇති බව එම සංවිධනය නිල වශයෙන් ප්‍රකශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව හා පාකිස්ථානය දීර්ඝකාලීන සිය එදිරිවාදිකම් පසෙක තිබියදී මෙම සැංහයි සහයෝගිතා සංවිධානයට එක්ව තිබේ. වත්මන් ගෝලීය ආර්ථික තත්වය හමුවේ එම සංවිධානය නියෝජනය කරන රටවල ජනගහනය සමස්ත ලෝක ජනගහනයෙන් 40%ක්ද ගෝලීය භාණ්ඩ නිෂ්පාදනයෙන් 20%කට හිමිකම් කියයි.

ගෝලීය මූල්‍ය ප්‍රාග්ධන හැකියාව ඇති ආසියානු රටවල් වලින් සමන්විත චීනය, රුසියාව, වැනි දැවැන්තයින් සමග එක්ව තම රටේ අනාගත පරපුරට යහපත් ආර්ථික තත්වයක් උදා කිරීම අපේක්ෂාවෙන් මෙම සංවිධානයට තම රට එක්වූ බව එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පවසා ඇත.



Related News