රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිවුරුම් දේ

ranil-maithripala

නව හවුල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා දිවුරුම්දුන් නමුත් මේ දක්වා නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්නේ නැත.මේ අනුව එම නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු හෙට දිනයේ සිය දිවුරැම්දීම සිදුවිය හැකි බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

පසුගිය සිකුරාදා නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් නමුත්  එහිදී දිවුරුම් දුන්නේ අමාත්‍යවරුන් 42 ක් පමණයි. එම අමාත්‍යවරැ 42ක සමඟ මේ වන විට අමාත්‍යවරුන් 43 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර මීට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඊට එජාප නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 32ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් 11 දෙනෙකු ඇතුළත්.

19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටවීමේදී ඇමැති මණ්ඩලය වැඩිකරනවා නම්  ඒ සදහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිවිය යුතුයි.

ඒ අනුව පසුගියදා පාර්ලිමේන්තුවට අගමැති රනිල් විකුසිංහ ඉදිරිපත් කල යෝජනාවට අනුව ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර 48ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 45කට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ යෝජනවට අනුව තවත් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතව සීටී. ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ මෙම ලේඛනයට අයත් නොවන බවද වාර්තාවේ.

ඉතිරි කැබිනට් අමාත්‍යධුර 04 සදහා ශ්‍රිලනිප මන්ත්‍රීවරැ හතර දෙනෙකු හෝ පසුගියදා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන දෙදෙනාද හවුල් ආණ්ඩුවට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනි.

බොහෝ විට ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද යන දෙදෙනාටත් කැබිනට් අමාත්‍යධුර හිමිවීමට ඉඩ ඇති බව වාර්තාවේ.

පසුගිය රාජපක්ෂ පාලනය සමයේද විවිධ වරදාන හා වරප්‍රසාද ලබා දෙමින් එජනිස හා එජාපයේ මෙන්ම වෙනත් පක්ෂවලට අයත් මන්ත්‍රීවරු එකසිය ගාණකට අමාත්‍යධුර ලබාදී තිබුනි.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ගොඩනැගූ යහපාලනය ආණ්ඩුව නිමවීමෙන් පසුව පිහිටවූ හවුල් ආණ්ඩුව විසින් මේ අනුව අමාත්‍යවරු 100කට ආසන්න පිරිසක් පත් කිරීමට යයි. වෙනස වන්නේ මෙය හවුල් ආණ්ඩවක් ලෙස නම් කිරීම පමණි.

Leave a Reply