தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
කලාවේ නිදහසට අත නොතබනු! මාධ්‍ය සාකච්ඡාව « Lanka Views | Views of the truth

කලාවේ නිදහසට අත නොතබනු! මාධ්‍ය සාකච්ඡාව



ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා පනවා ඇති වාරණයට විරෝධය දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (07) සවස 2.00 ට කොළඹ, මරදාන, සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විනි.
එහිදී, කලාකරුවන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් මාධ්‍යෙව්දීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වාරණයට විරුද්ධව අදහස් පළ කරන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, ස්වාධීන සිනමා එකමුතුව වෙනුවෙන් කෙටි චිත්‍රපට නිර්මානශිල්පී මාලක දේවප්‍රිය, ප්‍රක්සිස් සාමූහිකය වෙනුවෙන් කලා විචාරක විදර්ශන කන්නන්ගර, මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, සිනමාකරු උපාලි ගම්ලත්, කෙටි චිත්‍රපට සහ ඡායාරූප ශිල්පී විරාජ් ලියනාරච්චි, විචාරක සහ විශ්ව විද්‍යාල ආචාර්ය ධනුෂ්ක ගුණතිලක හා කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනී නාද්‍යා පෙරේරා අදහස් දක්වන ලදී. මලිත් හෑගොඩ, කීර්ති පතිරණ, උදාර අබේසුන්දර, පූර්ණිමා මුහන්දිරම් ඇතුළු තවත් සිනමා ක්ෂේත්‍රයේ කලාකරුවන් සහ විචාරකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
silence-in-court-viraj

silence-in-court-vidarshana

silence-in-court-upali

silence-in-court-priyantha

silence-in-court-nadya

මලිත් හෑගොඩ

මලිත් හෑගොඩ

silence-in-court-danushka

silence-in-court-bhupathi




Related News