දුමින්ද නාගමුව ඉතාලියේ ගුවන්විදුලි සංවාදයක

radio-du-arte1

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඉතාලියේ ‘ඔන්ද දුර්තෝ’ ගුවන් විදුලය මග ලංකාවේ දේශපාලන තත්වය පිළිබද සාකච්ඡාවකට සහභාගි විය.
මේ දිනවල පක්ෂයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ඉතාලියේ සංචාරයක නිරතව සිටින දුමින්ද නාගමුව සැප්තැම්බර් 25 වැනිදා ඉතාලියේ මිලානෝ ගුවන්තොටුපලෙන් ඉතාලියට පැමිණියේය.
වෙළඳ දැන්වීම් හෝ ධනපති ප‍්‍රාග්ධනයට යටත් නොවී ස්වෙච්ඡා ශ‍්‍රමයෙන් හා සුලූ දීමනා සහිතව පූර්ණකාලිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘ඔන්ද දුර්තෝ’ සේවාවේ ගුවන් විදුලි කටයුතු ගැනත් පක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳවත් එහි ප‍්‍රධානී උම්බෙර්තෝ ගොෆ්ෆි සමග දුමින්ද නාගමුව සාකච්ඡා පවත්වන ලදී. ඉන් අනතුරුව ‘ඔන්ද දුර්තෝ’ ගුවන්විදුලිය විසින් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකර විකාශනය කරන ලදී.
එම සාකච්ඡාවට පහත සබඳතාවයෙන් සවන් දිය හැකිය.
http://www.radiondadurto.org/wp-content/uploads/2016/10/trx-srilanka.mp3