1971 සහෝදරත්වය විසින් සම්පාදනය කළ ‘1971 නොනිමි අරගලය‘ කෘතිය එලිදැක්විම හෙට (29) දින සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වේ.
46 වසරක් ඉකුත්ව ඇති අප්‍රේල් අරගලය පිළිබද එහිදී අහම්බයෙන් දිවිරැකුණවුන් විසින් මතකය අවදි කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ එහිදී විවිධ කැපකිරීම් කළවුන්ට සැබෑ අභිනන්දන පුද කළ හැකිවන්නේ එම සිදුවීම විවේචනාත්මකව තේරුම් ගැනීමෙන් සහ සමාජවාදයේ ජයග්‍රහණ උදාකිරීමෙන් බව කෘතියේ කර්තෘවරුන්ගේ අදහසයි. එසේම ‘1971 නොනිමි අරගලය‘ කෘතිය සම්පාදනය කිරීමේ කාර්ය සිදුකරන ලද්දේ පි.බී.දසනායක, රංජිත් අමරසිංහ, ඩබ්.එම්.ලෙස්ලි, ගුණපාල ගුරුගේ, එස්.පී.විල්මට්, ආනන්ද ගමගේ යන අයගේ සාමුහික ශ්‍රමයෙන් බව ඔවුහු පවසති.
මෙම අවස්ථාවට 1971 අප්‍රේල් අරගලයට සම්බන්ධ වූ සහ උනන්දුවක් දක්වන සියලු සහෘදයන්ට සහභාගිවන ලෙස ඇරැයුම් කරන බව 71 සහෝදරත්වය විසින් ආරාධනා කෙරේ.