රජයේ ආදායම් ඉහළ නංවාගැනීමේ අරමුණින් සුනඛයින් නිදැල්ලේ හැසිරීමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මගින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යහපාලන ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය තීන්දු කර ඇත.
රියදුරන්ගේ සුලු වැරදි කිහිපයක් සදහා මෙතෙක් රු.500ක පැවැති දඩ මුදල් සීමාව ඉහළ නැංවීම සම්බන්ධ යෝජනා කර පසුව එය රුපියල් 50000 දක්වාම ඉහල නංවන්නට පසුගිය අයවැයේ සිට මේ දක්වා ක්‍රියාවලියකින් ආණ්ඩුවට හැකි විය. මේවනවිට බලු දඩයක් නියම කර ඒ දඩය මගහැරීම වැලකීමට දඩ නොගෙවන්නන් සඳහා ලබාදිය හැකි සිර දඬුවම වසර 2ක් දක්වා ඇත. මෙම අවශ්‍යතා වෙනුවෙන් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීමට ඇමතිවරුන්ගේ අනුමැතිය හිමි වී තිබේ.
නිදැල්ලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව දක්වමින් මෙම අසාධාරන දඩ ක්‍රමය සාධාරණිකකරනය කරන්නට ආණ්ඩුව ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිටීමේ සම්බන්ධව නීතිය ලෙස 1901 අංක 25 දරන සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ මුදල් අයකිරීම නොහැකි නිසා ඒ පනතත් ජලභීතිකා ආඥා පනතත් වෙනුවෙට විශාල දඩ මුදල් අයකළ හැකි ආකාරයට නව පනතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අවස්ථාවකදීද අවසර ලබා දී තිබේ. නමුත් විවිධ නෛතික සීමා මතුවීම නිසා එම කාර්ය මතෛක් අවසන් වී නොමැත.මේ අවස්ථාවේදී නිදැල්ලේ යන බල්ලන් සම්බන්ධ දඩය සම්මත කර ඒ පිළිබද සමාජය තුල ඇති විරෝධය හා ජලභීතිකා බිය යොදාගෙන එම කාර්ය අවසන් කළ පසුව බලු බද්දකින්ද සමන්විත ලෙස පනත් සංහෝධනයකට ඇමැතිවරු කැමැත්ත පළ කර තිබේ.
සුනඛයන් පිළිබඳව මෙම ගැටලුව වහාම නිරාකරණය කළ යුතුව ඇති බවට සමාජය තුළ මතයක් ගොඩ නගමින් මෙලෙස අදාළ දඩ අයකිරීම් වැඩි කිරීමට ඊයේ (22) රැස්වූ ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.