නරේන්ද්‍ර මෝඩි ‘බිර්ලා‘ හා ‘සහරා‘ සමාගම්වලින් අල්ලස් අරගෙන – රාහුල් ගාන්ධි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඉන්දීය සමාගම දෙකකින් අල්ලස් ලබාගත් බවට පැහැදිලි සාක්ෂි ඇති බැවින් වහාම ඒ පිළිබදව අපක්ෂපාතී විශ්වස කළ හැකි විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙ උප සභාපති රාවුල් ගාන්ධි පවසයි.

මෝඩි මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීය.

ඔහු මෙම චෝදනාව ඉන්දීය අගමැතිවරයාට එල්ල කරනු ලැබුවේ මෝඩිගේ උපන් දිස්ත්‍රික්කය වන මෙසානාහි ඊයේ පැවැති විශාල ජන රැලියක් අමතමිනිග මෙසානා යනු භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවකි.

මේ සම්බන්ධයෙන් මෝඩි වහාම ස්වාධීන පරීක්ෂණයකට මුහුණදිය යුතු බව කොංග්‍රස් උප සභාපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

2013-2014 වසරේ ඔක්තෝබර් මස සිට නොවැම්බර් මස දක්වා අවස්ථා ගණනාවකදී ලක්ෂ ගණනින් මුදල් අල්ලස් ලෙස ලබා ගත් බවට ඉන්දී්‍ය අදායම් බදු දෙපාර්තමේන්තුවට මේ වනවිට සාක්ෂි සහිතව ඒ පිළිබදව තොරතුරු හෙළිව ඇති බවට අනාවරණය කර ඇත.

සහරා හා බිර්ලා සමාගම්වලින් මුදල් ලබාදී ඇති දින හා කොපමන ප්‍රමාණයක්ද යන්න එම සමාගමේ ප්‍රධානීන්ගේ දිනපොත්වල යොදා ඇති සටහන්වලින් හෙළි කර ගැනීමට හැකිවී ඇති බව රාවුල ගාන්ධී පවසා ඇත.

Leave a Reply