උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි බාර දීමට නොහැකි වූ නිසා ඒ හිමියන් වසන ඇලන් මැතිනියාරාමයට සමීප ප්‍රෙද්ශයේ නොතීසි අලවන ලෙසකොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් දුලානි අමරසිංහ නියෝග කළාය.
ඇලන් මැතිනියාරාම පරිශ්‍රෙය් ශබ්ද විකාශන යන්ත්‍ර අධික ශබ්දයෙන් භාවිතා කාරීම අවට ජනතාවට පීඩාවක් බවට ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අධිකරණයේ පෙනී සිටින ලෙස ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ හිමියන්ට නොතීසි භාරදීමට පිස්කල් නිලධාරින්ට නොහැකි විය. පෙත්සම පිළිබද ඉදිරි විභාගය 2017 ජනවාරි තුන් වැනිදාට කල් තබනු ලැබිණි.

