මඩකලපුවේදී හමුවූ රුසියානු ගුවන් යානයේ කොටස් පැරණි අනතුරක ඒවා බව විශ්වාස කෙරේ

 ඊයේ රාත්‍රි වාර්තා වූ ගුවන් යානයක සිදුවීම පිළීබද නවතම තත්වය නාවික හමුදාව විසින් සොයාගෙන ඇත. මෙම පුවතට අනුව, ඇන්ටනොව් නමැති රුසියානු ගුවන්යානයක බවට සැක කෙරෙන කොටස් කිහිපයක් සොයාගෙන ඇත.

තවදුරටත් වාර්තා වන තොරතුරු අනුව කළුවන්චිකුඩි – කළුදාවලෙයි මුහුදේ දී ගුවන් යානයක යැයි සැකකරන කොටසක් හමුවූ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. පාසිකුඩා වෙරලේ සිට කිලෝ මීටර කීපයක් දුරින් දක්නට ලැබුණු එම කැබැල්ල පිළිබඳ දිගුකලක සිට ධීවරයන් විසින් තොරතුරු ලබා දී ඇත. යුද සමයේ රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක් කිලාලි කලපුවට ඉහළින් පියාසර කරද්දී කොටි මිසයිලයකින් කඩා වැටුණු බව ඒ දිනවල වාර්තා විය. එම යානයට කුමක් වූයේ දැයි කාසාදු තොරතුරක් මේ දක්වා සොයාගෙන නැත. මීට මාස කිහිපයකට පෙර පෝක් සමුද්‍ර සන්ධිය දෙසින්  පියාසර කරද්දී අතුරුදහන් වූ ඉන්දීයා වෙරළ ආරක්ෂක නිරික්ෂණ යානයක් පිළිබදවද කිසිදු තොරතුරක් ලැබී නොතිබුණි. එහෙත් එම ප්‍රදේශයේ පරීක්ෂාවක් කළ  නාවික හමුදාව ගුවන් යානයක සුනු බුන් බවට නිසි ලෙස හදුනාගෙන ඇත්තේ අද (23) ගොඩට ගැනීමෙන් පසුවය. සොයාගත් කොටස් අද දින ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට රැගෙන යාමට කටයුතු කර ඇත.

Leave a Reply