‘අපි යන්නේ කොයි පාරේ – බැසිල්, පී.බී. ගිය පාරේ‘ – සරත් අමුණුගම කියයි

sarath amunugama

බැසිල් රාජපක්ෂ, පී.බී.ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් පවා ‘සමාජ වෙළෙදපොළ ආර්ථික ප්‍රතිපත්ති‘ ක්‍රියාත්මක කරන්නට සූදානම් වූ නමුත් පසුගිය ආණ්ඩුවේ සිටි ඇතැමුන් ඊට විරුද්ධ වූ බව හිටපු ඇමැති සරත් අමුනුගම පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය කාලයේ මහත් උද්වේගයෙන් ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලනයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රට අගාධයට ගිය නමුත් තමන් විසින් සමාජ වෙළෙදපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක කර ඇද වැටුණු ආර්ථිකය ගොඩගැනීමට සැලසුම් කරන බවයි. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකුව සිටි සරත් අමුනුගම අද රාත්‍රි සිරස ටීවී නාලිකාවේ ‘ඉලක්කය‘ වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ පසුගිය ආන්ඩුව කාලයේ බැසිල් රාජපක්ෂ ආර්තික කටයුතු මෙහෙයවන ඇමැතිවරයා ලෙසත්, ආර්ථිකය හසුරුවන නිලධාරින් ලෙස පී.බී.ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කරමින් සිටියේ ද රනිල් කියන ‘සමාජ වෙළෙදපොළ ආර්ථික ප්‍රතිපත්ති‘ ක්‍රියාත්මක කරන්නට බවයි. ඔහු එම පිලිවෙත හදුන්වා දුන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශය එක්ව ආර්ථිකය මෙහෙයවීමක් ලෙසය.

මෙම වැඩසටහන තුළ සිරස නාලිකාව විසින් සරත් අමුනුගම හදුන්වා දුන්නේ වත්මන් ආන්ඩුවේ ආර්තික ප්‍රතිපත්ති තීරණය කරන දසදෙනා අතරින් කෙනෙකු බවයි.