தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
වසන්ත ඔබේසේකර දිවි සිනමාව හැර යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසන්ත ඔබේසේකර දිවි සිනමාව හැර යයි!



සිංහල සිනමාවේ අති විශිෂ්ඨ දායකත්වයක් සැපයූ වසන්ත ඔබේසේකර අද (08) උදෑසනදී ජිවිත රිදී තිරයෙන් බැස ගියේය.

සත් සමුදුර චිත්‍රපටයේ සම තිරරචකයකු හා සහාය අ්‍යක්ෂවරයා ලෙස සිනමා දිවිය ආරම්භ කළ වසන්ත  ඔබේසේකර වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති, සළෙළු වරම, සත් සමුදුර, කැඩපතක ඡායා සහ දඩයම වැනි විශිෂ්ට සිනමා නිර්මාන ලාංකීය සිනමාවට එක් කළ කලාකරුවෙකි. 1971දී නිෂ්පාදිත  “වෙස් ගත්තෝ” චිත්‍රපටය ඔබේසේකරගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි. දොරකඩ මාරාව, මාරුතය, තීර්ථ යාත්‍රා, සලෙලු වරම, අග්නි වර්ෂා, ආගන්තුකයා, සෙව්වන්දි යන සිනමා කෘතිද ඔහු අතින් බිහි වූ අවධානයට පත් සිනමා කෘති විය.

1958දී විශ්වවිද්‍යාලයට ඇතුළු වී 1962දී විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඔහු ඉතිහාසය විෂයට ගෞරව උපාධියක්ද හිමිකරගත්තේය. ගුරුවරයකු ලෙස සිය රැකියා ජීවිතය ඇරඹි ඔහු 1964 දිනමිණ පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළේය. මේ නිහතමානි සිනමාකරුවා ජනමාධ්‍යෙව්දීන් සමගද සුවිශේෂී බැදීමකින් කටයුතු කළ අයෙකි.මෙම විශිෂ්ට නිර්මාණකරැවා මිය යන විට 80 වැනි වියේ පසු වූයේය.




Related News