தமிழ்
English
Contact
Sunday 29th April 2018    
‘71 අප්‍රේල් අරගලය- වේලාසන අවදිවූවන්ගේ පනිවුඩය! « Lanka Views | Views of the truth

‘71 අප්‍රේල් අරගලය- වේලාසන අවදිවූවන්ගේ පනිවුඩය!



දවස් වේගයෙන් ගෙවී ගොසිනි. අපේ‍්‍රලය එන්නේම වළාබර අහසක්ද සමගිනි. අපේ‍්‍රලය පුරා කොටන අකුණු ‘බක්මහ අකුණු’ ලෙස හඳුන්වයි.  71 අරගලය ඇතැමකුට කැරැල්ලකි. තවෙකෙකුට විජේවීරගේ හිතුවක්කාරකමක ප‍්‍රතිඵලයකි. තවත් අය ‘එදා විරුවන් ගිය පාරේ තමන්ද යන්නෙමු’යි සමරු උත්සවවලදී කන් බිහිරිවන ස්වරයෙන් පවසමින් පාර්ලිමේන්තු නිල නිවාසයට ගොස් විවේක ගනිති.

ගෙවුනු 46 වසර පුරා ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය අප කරා යළි යළිත් පැමිණ ඇත්තේ අප එතෙක් අත් විඳි සියල්ලම අපෙන් උදුරා දමමිනි. අද රට පුරා ඇවිලෙ සයිටම් විරෝධී අරගලයඅධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ආණ්ඩුවේ මූලෝපායික සැලසුම්වලට එරෙහි අරගලයක් බවට තවමත් පත්ව නැත. 2017 වසරේ දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස අධයාපනයට වෙන්කර ඇත්තේ 2.4%කි. නමුත් 1974/75 එම අගය 8.3%කි. සෞඛ්‍යයට 2017 වසර සඳහා 5.7%කි. සියල්ලම මුදල් ගෙවා ලබාගැනීමට බල කරන තත්වයකදීත් ඊට එරෙහිව අරගල තවමත් මන්දගාමීය. 71 පරම්පරාවේ අරගල සම්ප‍්‍රදායන්  තුල වූ කැපකිරීම්, අධිෂ්ඨානයන් අප යළි යළිත් සොයා බැලිය යුත්තේ ඒ නිසාය. තම අයිතීන් අහිමි කරන විට එම අයිතීන් ලබා ගැනීමට ඇති සාධාරණ මං පෙත් අහිමි කරනවිට එතෙක් හිමිව තිබූ අයිතීන් රැකගැනීම සඳහාත් ලැබියයුතු සාධාරණ අයිතීන් දිනාගැනීම සඳහාත් අරගල කිරීම ලොව  ඕනෑම ජන කොටසකට ඇති අයිතියකි.

අප්‍රේල් අරගලයට පසුව අත්අඩංගුවට පත් රැදවියන් පිරිසක්

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට කිහිලිකරු ලෙස සිටියේ් සමසමාජ-කොමියුනිස්ට් පක්ෂයන්ය. එනිසාම එම පාලනය සමාජවාදය කරා යන ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් ලෙස හුවා දැක්වූවේද පැරණි වම විසිනි. නමුත් අර්බුදය සැඟවිය නොහැකි ලෙස අද මෙන්ම එදාත් පෙරට පැමිණ තිබිණි.

1963දී 103.5ක්ව පැවති උද්ධමනය 1970දී 138.2 දක්වා ඉහළ නැග තිබිණි. 1959 වනවිට 250,000ක්ව පැවති රැුකියා වියුක්තිය 24,63,000 දක්වා 1972 වනවිට වර්ධනය වී තිබිණි. රැකියා විරහිත උගත් තරුණයන් ගමේ කඩ පොළේ කාලය ගෙවා දමද්දී හවුල් ආණ්ඩුවේ හොරනෑ හරහා තුන්තිස් පැයේ වාදනය වූයේ තරුණයන්ට වසන්තය උදා වෙමින් තිබෙන බවය.
”අස්වනු පීදී කරලින් බරවී
මුලූ රට ඉතිරෙයි ජය පානේ
ඉරහඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ”

මා දමා ගගේ පා කළ තරුනයකුගේ මල සිරුරක්

නමුත් පැරණි වමේ පාවාදීම් නිසා වාමාංශික ව්‍යාපාරයෙන් ඈත්ව සිටි ජනතාව සිය අයිතීන් දිනාගැනීම සඳහා සංවිධානාත්මකව පෙළ ගැස්සවීමේ කාර්යභාරය එදා ජවිපෙ විසින් භාරගනු ලැබීය. සමගි පෙරමුණ ආණ්ඩුව මුහුණදී සිටි ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාව, ක‍්‍රම විරෝධී අරගලයකට ඉබේ ගමන් නොකරයි. ඒ සඳහා ඉලක්කගතව සවිඥානික හා සංවිධානාත්මක ක‍්‍රියාදාමයක් ගෙන යායුතුව තිබේ. එහිදී උපායමාර්ගික වැඩපිළිවෙළක් හා බැඳුනු උපක‍්‍රමික ක‍්‍රියාවලියක්ද අවශ්‍ය වේ.

”ජවිපෙ පළමු දෙවන හා තුන්වන සාකචඡාවල අඩංගුව විශේෂයෙන් සලකා බැලූවහොත් එහි සන්නද්ධ අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ ස්ථාවරය ගැන සියුම් ඉඟියක් තිබේ. ඌරුබොක්ක සාකච්ඡුාවේදී විශේෂයෙන් සාකච්ඡා වී තිබුණේ හමුදා කුමන්ත‍්‍රණයක් ගැන රටේ මතුව තිබූ කතා බහය. ගුවන් යානා නැවැත්විය හැකි විශාල මාර්ග කැලෑ තුළ ඉදිවන බවට කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම, අමෙරිකා එක්සත් ජනපදයේ ෆුල්බ‍්‍රයිට් පදනම, රොකෆෙලර් පදනම, ෆෝඞ් පදනම වානි රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ ක්‍රියාකාරී වීමත් හමුදාවේ තනතුරු වෙනස්වීමත් ඒ අතර වේ.

67 කලත්තෑව සාකච්ඡුාව කැඳවීමට හේතුව වූයේ චේ ගෙවාරාගේ මරණයත් ත්‍රෛමහද්වීපික සමුලූවත් කියුබන් විප්ලව ආභාෂය පක්ෂයේ ක‍්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑමත් හේතුකොටගෙනය.   සාකච්ඡුාවෙන් පසුව එළඹි තීරණය වූයේ ලංකාවේ විප්ලවය සඳහා වෙනත් විප්ලවයන් එලෙසින්ම අනුකරනය කළ නොහැකි බවය. නමුත් පසුකාලිනව පක්ෂය විසින් කළ ස්වයංවිවේචනය තුල වූයේ 71 අරගලය තුළ කියුබන් මාදිලිය සැළකිය යුතු මට්ටමේ බලපෑමක් කළ බවය.

පාවාදීම නිසා වැහැරී ගිය දුර්වල වමක් වෙනුවට පාලකයන්ට ශක්තිමත්ව මුහුණ දියහැකි සටන්කාමී ද්ශපාලන සංවිධානයක ද්‍රව්‍යමය අවශ්‍යතාව ඒ මොහොතේ දැනෙමින් තිබිණි. සන්නද්ධ අරගලය පිළිගත් කුඩා සංවිදාන ගණනාවක් ඒ වනවිට රට තුළ බිහිවී තිබීම විසින්මත් එය මනාව ඔප්පු වේ.  ධර්මසේකරගේ ‘මා ඕවාදී තරුණ පෙරමුණ’, ගාමිනි යාපා නායකත්වය දුන් ‘පෙරදිග සුළං’, කල්‍යානන්ද තිරාණගමගේ ‘ගිනි පුපුර’, සුමිත් දෙවිනුවරගේ නායකත්වයෙන්යුත් කණ්ඩායම ඉට උදාහරණ වේ.

වරකාපොළ පොලිස් ස්ථානය ප්‍රහාරයට පසු

1965 වනවිට ලෝකය පුරා පැතිරුණු අර්බුදයට සාපේක්ෂව අද වනවිට එය කීප ගුණයකින් වැඩි වර්ධනය වී ඇත. අසමානතාව දලූ ලා වැඞී ඇත. යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි ආර්ථික අර්බුදයට පැලැස්තර යොදා තාවකාලිකව වලක්වා ගත්තද එය නැවත වටයකින් පැන නගින බවට උදාහරණයක්: ‘ක‍්‍රමයේ වෙනසක්‘ පිළිබඳ  ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් විසින් මත පල කිරීම පිටුපස ඇත්තේ අර්බුදයේ දිග පළල පිළිබඳ වන අදහසමය.

සියල්ල විකිණීම හැර පාලකයන් හමුවේ විකල්ප ඉතිරිව නැත. සෞඛ්‍ය, අධ්‍යාපනය පමණක් නොව ඉඩම්, ජලය ඇතුළු සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමේ සැලසුම් දියත්වන්නේ එනිසාය. විදුලිය ජල සම්පාදනය, ඛනිජ තෙල්, වරාය, ගුවන්සේවා ප‍්‍රතිව්‍යුහගත කිරිමට නියමිතව තිබෙන බවට වන ප‍්‍රකාශ මදල් ඇමති හරහාම කරළියට පැමිණ තිබෙන මොහොතක විශ‍්‍රාම වැටුප සිට ඉතිරිව ඇති වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කිරීමේ සැලිසුම් දියත්ව ඇත.ි මොහොතක තමන් විඳින පීඩාවට එරෙහිව ජනතාව ක‍්‍රමවිරෝධී අරගලයට කැඳවාගැනීමේ දී 46 වසරකට පෙර සිදුවූ අරගලයේ අත්දැකීම් වර්තමාන අනුප‍්‍රාප්තිකයන් සමග බෙදා හදා ගන්නේ කෙසේද විමසා බැලිය යුතුව ඇත. සමාජය වෙනස් කිරීම පිළිබඳ අදහස බාෂාමය භාවිතයකින් ඔබ්බට ගෙන යාමේ අභියෝගයට උර දෙමින් වෘත්තිය විප්ලවවාදී භාවිතාවක සක‍්‍රිය දායකත්වයක් ලබාදෙන නව ජීවන විලාසයක් බවට ක‍්‍රම විරෝධිත්වය අභ්‍යාස කළ යුතුව ඇත.

රෝහණ විජේවීර සහ ප්‍රින්ස් ගුණසේකර අරගලයෙන් පසු යුක්තිය වෙනුවෙන් සටන

ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය හමුවේ වාම විකල්පයක් සඳහා රික්තකයක් විවර වනු දැක පන්තිය යළි යළිත් ධනේශ්වර ගොහොරුවේම තබාගැනීමට විවිධ සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් අටවා ගනිමින් සුලූ ධනේශ්වර ප‍්‍රතිසංස්කරණවාදී වෙරදරමින් සිටී. එවැනි මොහොතකදී ක‍්‍රමවිරෝධී දේශපාලනයක යෙදෙන අප විසින් සලකා බලන්නේ ‘වේලාසනින් අවදි වූ පරපුරක කැපවීම හා ජීවගුණය’යි. ඒ ශ්‍රේෂ්ඨ ආරම්භය තැබූවන්ගේ ගුණාංග අපගේ ජිවිතවලට බලපෑම් සහගත කරගැනීම ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයට කරන ඉහළම උපහාරය වනු ඇත.




Related News